ඔබට අවශ්‍ය දෑ තෝරන්න.

ශිෂ්‍ය ජීවිතයට වැදගත්ම පුරැදු 05ක් මෙන්න ..


1. ඉගෙන ගැනීමට සැලසුමක් නිර්මාණය කර ගෙන තිබීම.

          මෙම ඉගෙන ගැනීමට සැලැස්මක් ( study plan ඇති කර ගැනීම කියලා කියනකුට ඔයාලා ඔක්කෝම හිතට ගන්න ඇත්තේ කාල සටහනක් ( Time Table ) පිළිබදවයි නමුත් මෙහිදී අධ්‍යයන සැලැස්මක් හෙවත් ඉගෙන ගැනීමට සැලැස්මක් ( study plan )  යනුවෙන් මං අදහස් කලේ කාලසටහනක් පමණක්ම නෙමෙයි..... ( Study Plan isn’t only a timetable )  කාල සටහනකින් අදහස් කරන්නේ යම් වැඩක් සඳහා පවරා ඇති කාලසීමාව පමණයි නමුත් අධ්යයන සැලැස්ම මීට වඩා පරිපූර්ණය. පුද්ගලයෙකු විසින් එක් එක් විශයන් සදහා මුහුණ දීමට සැලසුම් කිරීම හා ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්රමවේදයක් ද අධ්යයන සැලැස්ම යන වචනයෙන් නිර්වචනය කරයි..........

2. ඔවුන් විසින්ම අධ්‍යයන සටහන් නිර්මාණය කිරීම. ( එක් එක් පාඩම් වල වැදගත් කොටස් අමුනා නෝට් ගැසීම shot not )

 අපි දන්නවා අද වෙනකුට පදනම ප්‍රකාශන සරසි ප්‍රකාශන වැනි කම්පැනි වලින් අධ්‍යාපන නෝට් විකුණනවා .... ළමයි හිතන්නේ එයාලට පහසුම හා හොදම දේ ඒක කියලා නමුත් කියන්න ඕනි ... මෙහෙම හිතන්නකෝ ... නෝට් ලියාගන්නේ අපි එක්සැම් එක ලංවෙලා අපේ හිතේ සිහිකැදවීම් කරන්න ... ඉතිං ඒ නෝට් වල තියන ඒව අපිට ගොඩාක්ම සමීප වෙන්න ඕනි ... නමුත් වෙන කවුරැත් ලියපු නෝට් කියවීම හිතට වෙහෙස කරයි මොකද ඒ නෝට් ලියපු කෙනා ලියන්නේ එයාට ආවේණික විදියට අපි ලියන්නේ අපේ විදියට ඒක නිසා කඩවල් වලින් නෝට් ගැනීම අනුමත කරන්න පුලුවන් වැඩක් නෙමෙයි.
 


3 . ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ( Getting Enough Sleep )

නින්ද වැදගත් වන්නේ ඇයි? නින්ද මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයකි. අපට අවශ්‍ය ශක්තිය, මනා සිහිකල්පනාව රඳවාගත හැකි වන්නේ හොද නින්දක් නිසයි. ඒ වගේම ජීවිතය සන්තෝෂයෙන් ගෙවා දැමීමටත් නින්ද අවශ්‍යම වේ. නින්ද අඩුවෙන්ම ලබන කෙනෙකුට සතුටින් සහ නිරෝගීව ජීවත්වීම ඉතා අපහසු වේ. ඒ වගේම නින්ද අඩුවීම තුල පුද්ගලයාට දැඩි අසහනකාරී තත්වයක්ද ඇතිවේ.

    විද්‍යායන් කියන්නේ මිනිසාට නින්ද නැතුව ජීවත්වනවාට වඩා දිගුකලක් ආහාර නැතුව ජීවත්වන්නට පුලුවන් බවයි. මිනස් මොලයේ කටයුතු නියමාකාරයෙන් සංවිධානය වන්නේ මිනිසා නින්දට වැටුනු විටයි. අවධියෙන් සිටින විට මොළය තුලට ගලා එන තොරතුරු පණිවුඩ යනාදී ආදාන (Inputs) නිසි පිළිවෙලකට සංවිධානය විය යුතුය. එය සිදුවීමට උපකාරී වන ක්‍රියාවලිය ස්නායු සෛල තුල ගොඩ නැගෙන්නට නින්ද අවශ්‍යය යැයි කියා විද්‍යායෝ විශ්වාස කරති. කාර්යබහුල ශිෂ්යයන් විසින් බොහෝ විට නොසලකා හරින නමුත් ඉහළ මට්ටමේ සිටින අය ඉගෙනීමේ ක්රියාවලියේ වැදගත්කම දැන සිටිති
  නමුත් ඕනවට වඩා නිදා ගැනීම ගත අඩපන කරන බවත් ඔබ දැනගත යුතු කාරණයක්.... ඒ පිළිබද වෙනමම ලිපියක් මම පසුව පළ කරන්නම්

4. නිතර තමන්ගේ දැනුම පරීක්ෂා කිරීමට ප්‍රශ්න පත්‍ර කිරීම . 

ඔබ පරීක්ෂා කරනු ලැබුවහොත් ඔබට ඔබ දන්නේ දේ පිළිබදව තොරතුරු ලබා ගත හැකි වනු ඇත. මා කීදේ පැහැදිලි කළොත් ඔබට සිටිනා මට්ටම මෙමගින් ඔබට හදුනාගත හැකිවනු ඇත.පසුව ඔබ සිටිනා මට්ටම පහත් නම් ඉහළට යාමට ක්‍රියා කර හැකිය මේ පිළිබදව ද මා පසුව ලිපියක් පළ කරන්නම් එපමණක් නෙමේ මෙහිදී ඔයා ගත්ත ලකුණු සංඛ්‍යාව වනෙමම කොලයක සටහන් කරගෙන යා යුතුයි . එවිට ඔබ ඉහළට ගොස් ඇත්දැයි පහළට ගොස් ඇත්දැයි ඔබට දැනගත හැක.

5. කණ්ඩායමක් සමග පාඩම් කරන්න. ( Study with a Group )

ඔබට පුලුවන් ඔබලගේ යහලුවන් අතරම තරගයක් නිර්මාණය කර ගන්න. නමුත් මේ කියන දේ වරදවා වටහා ගන්න එපා තරගයක් කියන්නේ ඉගෙනුම් තරගයක් . තමන්ගේ යහලුවට ඉගෙන ගන්නවට වඩා ඉගෙන ගන්න උත්සාහ කරන්න. එතකුට එයාලත් ඔයාලා පසු කරන් යන්න උත්සාහ කරාවී . එතකුට ඔයාලා ඔක්කොම මේකට ගොඩක් අවධානය දෙයි.මෙතන්දී වැදගත් වෙන්නේ ඔයාලාට තියන ප්‍රශ්න සමුහයක් එකක් සාකච්ජා කරන්න හම්බවෙන එකයි.

ස්තුතියි... තවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු !!! තෙරැවන් සරණයි................

No comments:

Post a Comment

Like Us

විභහගය ජය ගැනීමට පහසු ක්‍රමවේද....

   1. භය වෙන්න එපා  (1) Don't panic.) මතක තබා ගත යුතු වැදගත්ම දේ. එය ඔබගේ ජීවිතයේ වඩාත්ම වැදගත් විභාගය විය හැකිය, නමුත් ඔබ භය වුන...